Sunday, May 16, 2010

Lubricant Oil Advert

වුල්වරිනයෝ දිනක් සිය නුවරට යන්නහු මැග්නීටෝතුමන්ගේ සහචරයකු හස්ත පොරයකට එන පවත් දැක, සිරිත් පරිදි තම හස්තයෙන් පැමිනෙණ්නා වූ උල් එවෙලෙහි සම්පූර්ණයෙන් එළියට නොපැමිණෙනු පවත් දැක, විලියම් ස්ට්‍රයිකරයන්ගේ මෑණියන් සිහිපත් කරමින් සිටින්නහු. මැග්නීටෝතුමන්ගේ සහචරයෝ වුල්වරිනයන්ට පහර දෙන්නාහු. අහෝ සිදුවූ විපෙතක මහත! වුල්වරිනයෝ මුලින් සිඳ දමන ලද කෙසෙල් වෘක්ෂයක් මෙන් බිම හොත්තේය. මැග්නීටෝතුමන්ගේ සහචරයෝ වුල්වරිනයන් අසලට පැමිණ වුල්වරිනයො ගෙන යන්නා වූ දෘෂ්ය කැසිති පටය ගෙන පලා යන්නාහු.
වුල්වරිනයෝ මහත් ජන සමූහයක් තමන් දෙස දෑස් අල්වා බලා සිටින පවත් දැක තමන් පිළිඹඳ මහත් වූ විළියෙන් මිරිකෙන්නාහුය. එක්විටම ජන සමූහයම Lubricant Oil බෝතලයක් ගෙනැ "ග්‍රීස් ආඳා Lubricant Oil භාවිත කළේ නම් ඔය තාක් කරදර නොමැත පුතණුවනි" යනුවෙන් පවසන කල්හි වුල්වරිනයෝ මඳ සිනාවක් පා එතැනින් නැගිට තම ගෘහයට යන්නාහු. තමන් සතුව ඇති සියලු Lubricant Oil බෝතල් පරසක්වළ හෙළන්නාහු. ඉනික්බිති වුල්වරිනයො සමීපතම අලෙවි සැලට යන්නහු. ග්‍රීස් ආඳා Lubricant Oil බෝතල් සමූහයක් මිළදී ගෙනැ, ඒවා තම හස්තයට හළා ගෙනැ පෙර පරිදි ගමන් මඟ යන්නහු. මැග්නීටෝතුමන්ගේ සහචරයා හමු වන්නාහු. ප්‍රතම බැල්මෙන්ම කිපෙන්නාහු. මැග්නීටෝතුමන්ගේ සහචරයා සටනට ආ කල්හි වුල්වරිනයෝ සටනට සූදානම් වන කල්හි හස්තයෙහි වූ උල් සැනෙකින් පිටතට බටුයේය. එසැනෙහිම වුල්වරිනයෝ මැග්නීටෝතුමන්ගේ සහචරයා පරසක්වළ හෙළන්නහු. "මාගේ ජයග්‍රහනයේ රහස ග්‍රීස් ආඳා Lubricant Oil ඔබත් භාවිතා කරනු මැනව" යනුවෙන් වදාරා වුල්වරිනයෝ තම ගෘහයට වන්නාහු.

අදහස, තිර රචනය හා අධ්යක්ෂණය: ගයන්ත කේසර විතාරනගේ

6 comments:

  1. හි හි එල ලියවිල්ල ......

    දිගටම ලියන්න

    ReplyDelete
  2. හෙ හෙ බොහොම ස්තුතියි :) .... අයියණ්ඩි මාව දන්නවාදැ?

    ReplyDelete
  3. ah me ape nish ayyane :D :D......

    ReplyDelete
  4. ahenam ogollo meakath balanda yasas sinhala blog karanda den wenamama puluwan http://aagiyakatha.blogspot.com

    ReplyDelete
  5. ah yeah.. mage frnd kenek mata ooka dunna :D :D eyage ayya kenek kiala adurana///aa blog eka karanne ape skl eke ayya kenek....

    ReplyDelete
  6. ප්‍රීති මලණුවනි ප්‍රීති , ඔබ විසින් පබැදූ ගද්‍ය කියවා මා චිත්ත සන්තානය පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය බව දන්වනු කැමැත්තෙමි. තවත් එවැනි දෑ කියවනු රිසියෙමි.

    ප.ලි.: මෙතන මම ගැනත් කතා කොරලා නොවැ. මල්ලිලා දෙන්නටම තැන්කු කිව්ව එහෙමනම් :) :) :)

    http://aagiyakatha.blogspot.com/

    ReplyDelete